Wednesday, November 26, 2008

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සොයන්න පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කමිටුව අපිට දන්වලා එවලා තිබුනා යම් වාර්තාවක් ගැන කරුණු අහන්න අපිට කමිටුව හමුවට එන්න කියලා. ඔවුන් කුමක් සම්බන්ධවද කියලාවත් අපිට දැනුම් දීලා නැහැ.

2001 වර්ෂයේ පොලීසිය ගැන අපි කරුණු මහජන මත විමසුමකදී මිනිස්සු හිතන ආකාරය අනුව පොලීසිය දුෂිතම ආයතනය ලෙස සඳහන් වුනා. ඒ ඔස්සේ පොලීසියේ සුපිලිපන්නභාවය වර්ධනය කිරීමට අපි ව්‍යාපෘතියක් දියත් කළා.පොලීසිය එක්ක එකතු වෙලා. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න මුල්‍ය ආධාර කැඳවන කොට ඊට ඉදිරිපත් වුන ආයතන හයකින් අපි නොර්වේ වල නොරාඩ් ආයතනය තෝරාගත්තා.

කරුණු විමසන්න කියලා අපි කැදෙව්වට පස්සේ කමිටුව අපෙන් කරුණු දෙකක් ගැන ඇහුවා.එක පොලීසියේ රහස් තොරතුරු අපි නොර්වේ වලට විකුණුවාද කියලා. දෙවැන්න පොලීසිය ගැන හොයන්න රාජ්‍ය නොවන සංවිධානයකට තියෙන බලය මොකක්ද කියලා. ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය නම් වෙන ඕනම රටක පොලීසියක තොරතුරු මහජනතාවට ලැබෙනවා. අපේ රටේ එහෙම නැහැ. ඒ ගැන සොයා බලන්න අපි රජය දැනුවත්භාවය පිට ආරම්භ කරපු මේ ව්‍යාපෘතියට නෝර්වේ වල නොරාඩ් සංවිධානය විසින් කළේ සල්ලි දීම පමණයි. ඒ හැර ඔවුන් වෙන කිසිම පාලන කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ.

රාජ්‍ය නොවන සංවිධානයකට පොලීසිය ගැන සොයන්න තියෙන බලය ගැන කියනවා නම් මහජන මුදලින් නඩත්තු වෙන ආයතන ගැන තොරතුරු දැනගන්න සිවිල් සමාජයට සම්පුර්ණ අයිතියක් තියෙනවා. මන්ත‍්‍රීවරුන්ගේ කමිටු තිබුනාට ඔවුන් මහජනතාවගේ නියෝජිතයෝ. ඒ නියෝජිතයන්ට දැනගන්න පුළුවන් හැම තොරතුරක්ම මහජනතාවටත් දැනගන්න පුළුවන්. එම තොරතුරු ලබා ගැනීම සම්බන්ධ යම් නීතියක් පනවනවා නම් එය කළ යුත්තේ ජාත්‍යන්තර පටිපාටීන් හරහා. එහෙම නැතුව ඒක දේශපාලන පක්ෂ කිහිපයක් හෝ පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුට තීරණය කරන්න බැහැ.

Back to Home